Friday, April 26, 2024

General line - 0115112241

SAITM වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍යයේ දොර වැසේ!




මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට බි‍්‍රතාන්‍ය තුළ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැතැයි එරට එරට වෛද්‍ය සභාව නිවේදනය කර තිබෙනවා. ඒ බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ ද සඳහන්. 

ලෝකයේ රටවල් 11ක මෙවැනි ආයතන 11ක අධ්‍යාපනය හදාරණ වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍ය තුළ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ඉන් නොහැකි වනවා. 

ඉන්දියාවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලය මෙන්ම යුක්රේනය, බ්‍රසීලයේ වෛද්‍ය විද්‍යාල දෙකක්ද මේ ලයිස්තුවේ නම් අතර වනවා.

අදාල නිවේදනය මෙතනින් බලන්න 

මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජන මාලාවේ තුන්වන දිනය අදයි. ඒ අනුව අද දින මෙම වර්ජනය මහනුවර, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවල කි‍්‍රයාත්මක කෙරෙමින් පවතිනවා.