Saturday, April 27, 2024

General line - 0115112241

දිරිය නෙත් සත් ක්‍රියාවට විශාල පොත් (PHOTOS) (UPDATE)




ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය තුන්වන දිනටත් අද (17) කි‍්‍රයාත්මක වනවා.

මෙහි ස්ථාපිත කර තිබෙන නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයෙදී අද (17) උදෑසන තවත් කෘතියක්ද එළිදක්වනු ලැබුවා.

මේ අතර දිරිය නෙත් කුටියට විශාල පොත් සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. එම පොත් ඉදිරියේ දී දිවයිනේ දුෂ්කර පාසල්වල පුස්තකාල සඳහා පරිත්‍යාග කිරිමට නියමිතයි

ඔබට ද මෙම සත් ක්‍රියාව වෙනුවෙන් නෙත් එෆ්.එම් සමග අත්වැල් බැඳගැනීමට අවස්ථාව ඇති අතර ඔබ මීල දී ගත් පොතක් හෝ ඔබ කියවා අවසන් කළ පොතක් ඇති නම් එය  කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියේ පිහිටි විශේෂ නෙත් එෆ්.එම් කුටියට භාරදෙන්න.

----------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තෙවන දිනය අදයි(17-09-2017 12:18)

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය තුන්වන දිනටත් අද (17) කි‍්‍රයාත්මක වනවා. 

මෙහි ස්ථාපිත කර තිබෙන නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයෙදී අද උදෑසන තවත් කෘතියක්ද එළිදක්වනු ලැබුවා.

ඒ ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු හා සිනමා අධ්‍යක්‍ෂවරයෙකු වන සනත් ගුණතිලක විසින් රචිත "සිංහල සිනමාව සහ මම" යන කෘතියයි. 

මේ අතර, නෙත් එෆ් එම් අටපාස් වැඩසටහනේ කතා ඇතුළත් අලබෝල ටියුෂන් විද්‍යාලයේ කතා පොතෙහි දෙවන සංස්කරණය, ලක්ෂපති Iq මීටරේ සහ අලුතින් නිකුත් කළ කජුබිස්ථාන් පොලීසියේ කතා පොතද මෙහිදී ලබාගත හැකියි. 

එමෙන්ම ධර්ම දේශණා හා වීර කැප්පෙටිපොල කතාව ඇතුළත් සංයුක්ත තැටිද විශේෂ මිළ ගණන යටතේ ඔබට ලබාදීමටයි කටයුතු සූදානම් කර තිබෙනවා.

 

----------------------------------------------------

දැනුම විනෝදය සමග සතුටු වෙන්න ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙත් කලාපයට ඔබත් එන්න (17-09-2017 07:00)

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (17) තුන්වන දිනයයි.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අතිසාර්ථකව මෙය පැවැත්වෙනවා. 

ඊයේ (16) දිනයේ ද විශාල පිරිසක් මෙය නැරඹීමට පැමිණි බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති එච්.ඞී. පේ‍්‍රමසිරි කියාසිටියේ.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ප‍්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර තිබෙනවා.

අයි කිව් විශ්ව කෝෂය, අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා වැනි වැඩසටහන් ඇතුළත් සීඩී පට මෙම කලාපයේදී මහජනතාවට ලබා ගත හැකි වනවා.

මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට ද දුෂ්කර පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමෙන් දායක විය හැකියි.

ප‍්‍රදර්ශන භූමියේ ඇති නෙත් කලාපයට එම පොත් ගෙනත් බාරදීමෙන් ඔබට ද මෙම මහගු කර්තව්‍යයට දායක විය හැකිවනවා.
 

------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙත් කලාපය (PHOTOS)  (UPDATE)

(16-09-2017 20:09)

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී සාර්ථකව පැවැත්වෙනවා. දෙවැනි දිනය වූ අද දිනයේ ද විශාල පිරිසක් ප‍්‍රදර්ශනයට පැමිණියා. 

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදැර්ශනයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකයා වන නෙත් එෆ් එම් රේඩියෝව විසින් ප‍්‍රදර්ශන භූමිය තුළ විශේෂ නෙත් කලාපයක් ස්ථාපිත කර තිබෙනවා. ලක්ෂපති අයි කිව් මීටරය, අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා සීඞී පට මහජනතාවට මෙම කලාපයේදී ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

 


---------------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට විශාල සෙනගක් (PHOTOS)  (UPDATE)

16-09-2017 13:09

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ වනවිට සාර්ථකව පැවැත්වෙනු ලබනවා. 

මේ වන විටත් විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹිමට එක්ව සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. 

මෙහි ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේ විශේෂ කුටියක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙනවා. 

එම ආයතනය මගින් ඉදිරියේදී ආරම්භ කරන රූපවාහිනි හා චිත්‍රපට නිෂ්පාදනය, කැමරාකරණය, රූපවාහිනි සහ ගුවන් විදුලි ඉදිරිපත් කිරීම්, හඩකැවීම් ඇතුළු සියළු පාඨමාලා සදහා ලියාපදිංචි වීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබෙනවා. 

ප්‍රදර්ශන භූමියේ ඇති කුටියෙන් ලියාපදිංචි වන සිසුන්ට අදාළ පාඨමාලාවන් සදහා විශේෂ වට්ටම් ලබාදීමටද කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය සඳහන් කළේ.

නෙත් එෆ් එම් රේඩියෝව මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිළ රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන අතර ප්‍රදර්ශන භූමිය තුළ නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ස්ථාපිත කර තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

 

----------------------------------------------------

අද විශාල පිරිසක් අපේක්ෂා කරනවා (16-09-2017 09:09)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය (16)අදයි.

සෙනසුරාදා දිනයක් බැවින් අද දිනයේ විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹිමට එක්වනු ඇති බවයි සංවිධායකයින් අපේක්ෂා කරන්නේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ ප්‍රදර්ශන කලාපය පොලිතීන් භාවිතය අවම කලාපයක් බවට පත් කිරීමට ජනතාවගේ සහාය ඉල්ලා සිටින බවයි. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිළ රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනවා.

ප්‍රදර්ශන භූමිය තුළ නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ස්ථාපිත කර තිඛෙනවා.

අයි කිව් විශ්ව කෝෂය , අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා වැනි වැඩසටහන් ඇතුළත් සීඩී පට මෙම කලාපයේදී මහජනතාවට ලබා ගත හැකියි.

-------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි! (15-09-2017 10:41)

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණා. ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් කුටිය නිල වශයෙන් විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතින්. ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා 24දා දක්වා පැවැත්වෙනවා.

 

------------------------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹෙයි! මෙවරත් නිල රේඩියෝව නෙත් එෆ්.එම්

15-09-2017 05:41

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (15) ආරම්භ වනවා. මෙවර එය පැවැත්වෙන්නේ 19 වැනි වරටයි. ලබන 24 වනදා තෙක් ප‍්‍රදර්ශනය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ප‍්‍රදර්ශනයට අයත් වෙළෙඳ කුටි සංඛ්‍යාව 450කට අධිකයි. ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කිහිපයක වෙළෙඳ කුටි 50ක් ද ඊට අයත්. පොත් ප‍්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කර තිබීම ද විශේෂත්වයක්. මෙවර 

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 9 සිට රාත‍්‍රි 10 දක්වා ප‍්‍රදර්ශනය විවෘතව තැබෙනවා. ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙවර ප‍්‍රදර්ශනය තුළ සංස්කෘතික අංග රැසක් ද ඇතුළත් බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති එච්.ඞී. පේ‍්‍රමසිරි කියාසිටියේ. 

සුපුරුදු පරිදි මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙනවා. පොත් ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ් එම් ප‍්‍රදර්ශන කුටියක් මෙවරද ස්ථාපිත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. නෙත් ප‍්‍රදර්ශන කුටියට පැමිණෙ ඔබට විශේෂ අත්දැකීම් රැසක් තිළිණ කිරීමටද දැනටමත් සැලසුම් කර අවසන්. IQ විශ්ව කෝෂය ඉන් ප‍්‍රධානයි.

නෙත් එෆ් එම් ලක්‍ෂපති IQ මීටරේ සජීවි වැඩසටහනක්ද ප‍්‍රදර්ශන භූමියේ සිට ගෙනඒමටයි සැලසුම් කර ඇත්තේ. මීට අමතරව නෙත් කුටියට පැමිණෙන ඔබට නෙත් එෆ් එම් අටපාස් වැඩසටහනේ කතා ඇතුළත් අලබෝල ටියුෂන් විද්‍යාලයේ කතා පොතෙහි දෙවන සංස්කරණය සහ අලූතින් නිකුත් කළ කජුබිස්ථාන් පොලීසියේ කතා පොතද විශේෂ මිළකට ලබාගත හැකියි. එමෙන්ම ධර්ම දේශණා ඇතුළත් සංයුක්ත තැටිද විශේෂ මිළකට ඔබ වෙනුවෙන් ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.

නෙත් එෆ් එම් ප‍්‍රදර්ශන කුටියට පැමිණෙන ඔබ වෙනුවෙන් සුපුරුදු පරිදි මෙවරද විවිධ තරග ඉසව් ගණනාවක් සංවිධාන කර තිබෙනවා.