Friday, April 26, 2024

General line - 0115112241

ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ නිලධාරීන් පත් කෙරේ




ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ සභාපති ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන තේරී පත් වුණා.

එම සංවිධානයේ නිළධාරී මඩුල්ල ඊයේ (20) තෝරා පත්කර ගැණුනේ පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති එම සංසදයේ ආරම්භක සැසියේදීයි.  

එම සංසදයේ ලේකම් ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික‍්‍රමගේ තේරී පත් වුණා.

උප සභාපති ධුරයට පත් කෙරුණේ නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරියයි.

උප ලේකම් ලෙස  පත්කෙරුණේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනයි. 

එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස නෙත් එෆ්.එම් මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ පත්කෙරුණා.

අනුශාසක ලෙස පත් කෙරුණේ ටෙල්ෂාන් මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික‍්‍රමසිංහයි.

ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ පළමු සැසි වාරය පැවැත්වුණේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරියගේ සම්බන්ධීකරණයෙන්.