Friday, April 26, 2024

General line - 0115112241

අද රට පුරා වෛද්‍ය වර්ජනයක් - ගොවි ගුරු සහ ඛණිජතෙල් සහයත් ලැබෙයි




රට පුරා රෝහල්වල රජයේ වෛද්‍යවරුන් අද (21) වැඩවර්ජනයක නිරත වනවා.

සයිටම් ආයතනය ජනසතු කරන්නැයි බල කරමින් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සහ තවත් ක්ෂේත‍්‍ර ගණනාවක වෘත්තිය සමිතිද අද කැඳවා ඇති සිය වැඩවර්ජනයට සහය දක්වන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ලංකා ගුරු සංගමය පැවසුවේ රටපුරා පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර වෛදය වැඩ වර්ජනයට සහාය පළ කරන බවයි. සයිටම් ආයතනය වහාම ජනසතු කළ යුතු බවද ඔවුන් නැවත අවධාරණය කළා.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මෙන්ම කෘෂි ක්ෂේත‍්‍රයේ ද සයිටම් විරෝධය ඔඩුදුවා ඇතැයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා. ඒ අනුව, ගොවීන් ද අද විරෝධතාවන් හි නිරත වන බවයි එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයට සහය පළ කරමින් අද දිනයේදී කෑම පැයේ විරෝධතාවක නිරත වන බව ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද කියා සිටියා.