Friday, April 26, 2024

General line - 0115112241

තම පෙම්වතා අහිංසකයි... ලාස් වේගාස් ප්‍රහාරකයාගේ පෙම්වතිය කියයි (PHOTOS/VIDEOS)




තම පෙම්වතාගේ සැලසුම් පිළිබඳ කිසිඳු අදහසක් නොතිබු බව අමෙරිකානු ලාස් වේගාස් ප්‍රහාරකයාගේ පෙම්වතිය පවසනවා.

ඇය ඊයේ (04) යළි අමෙරිකාවට පැමිණීමෙන් පසු පොලීසිය වෙත ඒ පිළිබඳ පවසා ඇතැයි සඳහන්.

තමාගේ පෙම්වතා කරුණාවන්ත හා නිහඬ චරිතයක් බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු කැසිනෝ සේවිකාවක් වන ඇය, ලාස් වේගාස් ප්‍රහාරකයා වූ 58 හැවිරිදි ස්ටීවන් පැඩොක් සමග නෙවාඩාහි නිවසක ජීවත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සංගීත සංදර්ශනයකදී ඉකුත්දා ඔහු සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් ජීවිතක‍ෂයට පත් වූ අතර තවත් පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.

නූතන අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දරුණුතම වෙඩි තැබීම ලෙසටයි එය සැලකෙන්නේ.

----------------------------

ලාස් වේගාස් නුවර  වෙඩි ප්‍රහාරයෙන්  මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ  (02-10-2017 17:15)

 

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියක සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

සිද්ධියෙන් තවත් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි අමෙරිකානු බලධාරින් පවසන්නේ.

------------------------

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියක එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් 20ක් මරුට (02-10-2017 15:26)

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියක සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි සී එන් එන් ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

ලාස් වේගාස් නගරයේ පිහිටි හෝටල් ගොඩනැගිල්ලක තිස් දෙවන මහලේ සිට සැකකරු වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

-------------------------

ලාස්වේගාස්වල සැණකෙළියකට පැන තුවක්කුකරුවෙක් වෙඩි තබයි ( 02-10-2017 12:37)

අමෙරිකාවේ ලාස්වේගාස් හීදි සංගීත සැණකෙළියකට රැස්ව සිටි විශාල පිරිසක් භීතියට පත් කරමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ තුවක්කුකරු පිරිස දුවන දෙසට වෙඩි ප්‍රහාර රැසක් එල්ල කළ බවයි.