Friday, April 26, 2024

General line - 0115112241

යුධ පිටියට පැමිණෙන ලෙස මුස්ලිම් කාන්තාවන්ට ආරාධනයක්




ඉරාකය සහ සිරියාවේ සිටින මුස්ලිම් කාන්තාවන් ස්ථීර වශයෙන්ම තමන් සමග එක්ව ආරක්ෂ හමුදාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරිමට පැමිණිය යුතු බව අයි.එස්. සංවිධානය එම රටවල කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය සියළුම පුහුණු කටයුතු අයි.එස් නායකයන් විසින් සපයන බවයි.

ඉරාක සහ සිරියානු  හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ අයි.එස්. සංවිධානය විශාල පසුබෑමකට ලක්ව සිටිනවා.

ඊට මුහුණදීමට නොහැකි අයි.එස්. සංවිධානය එම රටවල සිටින කාන්තාවන්ගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

අයි.එස්. සංවිධානයේ පාලනය යටතේ පැවති ස්ථාන රැසක් දැනටමත් ඉරාක සහ සිරියානු  හමුදාවන් නතු කරගෙන සිටිනවා.

හමුදාවන් නතු කරගත් ස්ථාන නැවත තම යටතට ගැනීම සඳහා අයි.එස් සංවිධානය විශාල වෑයමක නිරත වන බව සඳහන්.

ඉස්ලාමීය රාජ්‍යය හමුදාවන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් පිරිමින්ට සමානව ප්‍රහාර එල්ල කිරීමට මුස්ලිම් කාන්තාවන් ඉදිරිපත්විය යුතු බවයි අයි.එස් සංවිධානය කියා සිටියේ.

අයි.එස් සංවිධානය මීට පෙර කිසිඳු අවස්ථාවක ප්‍රහාර එල්ල කිරම සඳහා කාන්තාවන්ට ඇරයුම් කළේ නැහැ.

ඔවුන් අයි.එස් සංවිධානයේ සිටින පිරිමින්ව විවාහක කර ගන්නා ලෙසයි මීට පෙර මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ.

නමුන් ඉරාක සහ සිරියානු  හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ තමන්ගේ බලය පෙන්වීමට නොහැකිව සිටින අයි.එස් සංවිධානය ප්‍රථම වරට ඉරාකයේ සහ සිරියාවේ සිටින කාන්තාවන්ට යුධ පිටියට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා සිරියාවේ අයි.එස් සංවිධානයේ මර්ම ස්ථාන රැසකට රුසියානු හමුදාව ප්‍රහාර එල්ල කළා.

එහිදී අයි.එස් සංවිධාන 49 ක් ජීවිතක්ෂයට පත්වූ අතර විශාල පිරිසක් තුවාල ලැබු බවයි රුසියානු වාර්තා සඳහන් කළේ.