Saturday, April 27, 2024

General line - 0115112241

අද පන්දුවාර 7ක් ඇතුළත 'ලංකාව වට්ටන්න ' පාකිස්ථානු සැළැස්මක්!




පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ අවසන්  දිනය අදයි.

ලකුණු 317ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්ථානයේ මුල් කඩුලු 5 ඊයේ (09) ලකුණු 52කට දැවී ගියත් අසාඩ් ශාෆික් (86) හා සෆ්රාස් අහමඩ් (57) පාකිස්ථානය නැවතත් තරගයට ගෙනෙනු ලැබුවා.

ඒ අනුව සිවුවැනි දින නිමාවන විට පාකිස්ථානය කඩුලු 5ට ලකුණු 198ක් රැස්කරගෙන සිටියා.

පාකිස්ථානයට තවත් ලකුණු 119ක් ජයග්‍රහණයට අවශ්‍යව ඇති අතර පාකිස්ථාන පුහුණුකරු මිකී ආතර් විශ්වාස කරන්නේ සාෆික් හා සෆ්රාස් කාර්යය නිමා කරනු ඇති බවයි.

අද (10) නව පන්දුවට පෙර තවත් පන්දුවාර 7ක් යැවීමට නියමිත අතර එම පන්දුවාර හතෙන් උපරිම ලකුණු ප්‍රමාණයක් ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

අසාඩ් ශාෆික් හා සෆ්රාස් අහමඩ්ගේ සම්බන්ධතාව ඉදිරියට ගෙන ගොස් තරගය ජය ගැනීම පාකිස්ථානයේ අරමුනයි.