Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ඇමතිගේ ලක්ෂ 412හේ නඩුවට දින නියම වෙයි




හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ගොනු කළ නඩුව මේ මස 24වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. රුපියල් ලක්ෂ 412කට අධික වටිනාකමකින් යුත් දේපළ සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇති බවටයි හිටපු අමාත්‍යවරඅයාට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම ජ්‍යේෂ්ඨ නීතිඥවරයා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින බැවින් මෙම නඩුව වෙනත් දිනයක විභාගයට ගන්නා ලෙසයි. විත්ති පාර්ශවය කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මෙම නඩුව ඔක්තෝම්බර් මස 24වනදා විභාගයට ගැනීමට තීරනය කළා.