Friday, April 26, 2024

General line - 0115112241

වැලිකතරේ සටනේ පළමු දින තරගයෙන් පාකිස්ථානයට ලකුණු 83ක ජයක් (UPDATE)

කසුන් කැළුම් ඩුබායි සිට




ශ්‍රී ලංකාව සමග ඩුබායිහිදී ඊයේ (13) පැවැති  පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 83කින් ජයගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග 5න් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය 1/0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථාන කන්ඩායමට හැකිවී තිබෙනවා.

පන්දුවට පළමුවෙන් පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 292 ක්  රැස් ක‍ළා.

මෙහිදී බාබරා ශාම් විශීෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය 7 වන ශතකය වාර්තා කළ අතර සොයිබ් මලික් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක සුරංග ලක්මාල් ලකුණු 47 කට කඩුළු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 209 ක් රැස්කළා.

ඒ පිළිබඳ ඩුබායිහි සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙනුවෙන් වාර්තාවක් කසුන් කැළුම්.....

 

---------------------------

ලකුණු 293ක ඉළක්කයක් ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දිවා රාත්‍රී පළමු එක්දින ක්‍රිකට් තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානය කඩුළු 6ක් දැවි ලකුණු 292 ලබාගත්තා.

බාබර් අසාම් ශතකයක් රැස් කළ අතර ශොයිබ් මලික් ලකුණු 81ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ලට ගොඩනැගුණු සබතාව ලකුණු 139ක්.

ලකුණු 293ක ඉළක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 3කට ලකුණු 30ක් ලබා සිටියා.

---------------------

වැලිකතරේ අද සටනේ කාසියේ වාසිය ලංකාවට (13-10-2017 18:40)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දිවා රාත්‍රී පළමු එක්දින ක්‍රිකට් තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන පකිස්තානය පන්දුවාර 35ක් අවසානයේ  කඩුලූ 03ක් දැවී ලකුණු 168ක් රැස්කර ගෙන සිටිනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ගෙන එනවා ඩුබායි නුවර සිටින නෙත් එෆ් එහ් වාර්තාකරු කසුන් කැළුම්...

 

--------------------------

වැලිකතරේ අද සටනේ කාසියේ වාසිය ලංකාවට (13-10-2017 16:20)

 

පාකිස්ථාන හා ශ්‍රී ලංකාව අතර අද (13) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා. පාකිස්ථානයට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා නායකයා ආරාධනා කර තිබෙනවා.

------------------------------

වැලිකතරේ එක්දින සටන අද ඇරඹේ! තරාගාවලිය ජය ගතහොත් ශ්‍රී ලංකාව වාර්තා පොතට (13-10-2017 09:45)

පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජයගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (12) තරග බිමට පිවිසෙන්නේ හොද ජයග‍්‍රාහී මානසිකත්වයකින්. ශී‍්‍ර ලංකාව අවසන් වරට ඉන්දීය කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙස පරාජය වුවත්, පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලද මෙම ටෙස්ට් තරගාවලි ජය ශී‍්‍ර ලංකා පිලට මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා. ටෙස්ට් තරගාවලියට එක් නොවූ කී‍්‍රඩකයින් 8 දෙනෙකුම එක්දින තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා සංචිතයට කැදවා තිබී විශේෂත්වයක්.

අද සිකුරාදා දිනයක් බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩු දිනයක්. එබැවින් අද තරගය නැරඹීමට මෙහි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ ලොකු උනන්දුවක් තිබෙනවා. මේ හේතුවෙන් ඩුබායි කී‍්‍රඩාංගණයේ අද පස්වරුවේ පැවැත්වෙන පළමු එක්දින තරගය නැරඹීමට ශී‍්‍ර ලාංකිකයින් රැසක් එහි පැමිණෙන බවට කිසිදු සැකයක් නැහැ. මේ වන විටත් සමාජජාල වෙබ් අඩවි හරහා මෙහි වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් සිය සගයන් දැනුවත් කරමින් මෙම තරගය නැරඹීමට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අද තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 4.30යි..

ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ චන්දිමාල් සිය වගකීම් ඉටු කරමින් ටෙස්ට් තරගාවලිය ජය ගත්තා සේම එක්දින නායක උපුල් තරංගට දැන් එම ගෞරවය තවදුරටත් රැක ගැනීමට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, සීක්කුගේ ප‍්‍රසන්න, තිසර පෙරේරා ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට ඇතුළත්. පාකිස්තානු කණ්ඩායමේ ප‍්‍රබල තුරුම්පුවක් වන මොහොමඞ් අමීර් මෙම එක්දින තරගාවලියට කී‍්‍රඩා කරන්නේ නැහැ. ඔහු පාදයේ ආබාධයට ලක්ව සිටීම හේතුවයි. ශී‍්‍ර ලංකාව මේ වන විට පසුවන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වන ස්ථානයේ , පාකිස්තානය එහි 6 වන ස්ථානයට හිමිකම් කියනවා. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු විසිදෙනා අතර කිසිදු ශී‍්‍ර ලාංකික පිතිිකරුවෙකු නැති වුණත් පාකිස්තානයේ බාබර් අසාම් එම සටහනේ 6 ස්ථානයට හිමිකම් කීම ශී‍්‍ර ලංකාව පන්දු යවන්නන්ට අභියෝගයක් වන්නට පුලූවන්.

එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වලත් පළමු විසි දෙනා අතරත් කිිසිදු ශී‍්‍ර ලාංකික පන්දු යවන්නෙක් නැහැ. කෙසේ වෙතත් පාකිස්තානයේ හසන් අලි එම සටහනේ 7 වැනි ස්ථානයේ පසුවනවා. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 4ක් පවත්වා තිබෙනවා. ඉන් තරග දෙක බැගින් ජය ගැනීමට දෙපිලම සමත් වුණා. ශී‍්‍ර ලංකාව අවසන් වරට ඩුබායි කී‍්‍රඩාංගණයේ එක්දින තරග ජයක් වාර්තා කළේ 2013 වසරේදීත ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන් කොන් තරගාවලි කිහිපයක්ම ජය ගත්තද පාකිස්තානයට එරෙහිව ශ‍්‍රී ලංකාව එහි එක්දින තරගාවලි ජයක් ලබන්නට මෙතෙක් සමත්වී නැහැ. මේ නිසා ශී‍්‍ර ලංකාව මෙම එක්දින තරගාවලියද ජයග‍්‍රාහීව නිම කළහොත් මෙයද ඉතිහාස ගතවන තරගාවලියක් බවට පත්වනු ඇති.

පාකිස්තානය ඩුබායි කී‍්‍රඩාංගණයේ එක්දින තරග 15කට කී‍්‍රඩා කර තිබෙනවා. එහෙත් ඔවුන් ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 6ක් පමණයි. මෙම කී‍්‍රඩාංගණයේ දී එක්දින තරග 9ක්ම පාකිස්තානය පරාජයට පත් වුණා. ශී‍්‍ර ලංකාව මෙම වසරේදී මේ දක්වා එක්දින තරගාවලි 5කට සහභාගි වී ඇති අතර ඉන් කිසිදු තරගාවලියක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව නැහැ. පාකිස්තානය මෙම වසරේදී එක්දින තරගාවලි 3කට එක්වී තිබෙනවා. ඉන් තරගාවලි දෙකක්ම ඔවුන් ජය ගැනීමට සමත්ව තිබීම ඔවුන්ට තරමක් වාසිදායක තත්වයක්.

පාකිස්තානය අවසන් වරට සහභාගිි වූයේ එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියටය. එහිදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ඔවුන් විශිෂ්ඨ ලෙස එහි ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. මෙම වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 21කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකා තරග 16ක්ම පරාජයට පත්ව තිබෙනවා. ශී‍්‍ර ලංකාව මෙම වසරේ ජය ගෙන ඇත්තේ එක්දින තරග 21න් තරග 4ක් පමණයි. පාකිස්තාන කණ්ඩායම මෙම වසරේදී එක්දින තරග 13කට කී‍්‍රඩා කරමින් තරග 7ක් ජය ගැනීමට සමත්ව සිටිනවා. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ මෙම වසරේදී එක්දින තරග 6ක් පමණයි. සමස්ථයක් ලෙස ගතහොත් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා එක්දින තරග 148ක් පවත්වා තිබෙනවා. පාකිස්තානය ඉන් වැඩිම ජයග‍්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ එක්දින තරග 85ක් ජය ගනිමින්. ශී‍්‍ර ලංකාවට පාකිස්තානයට එරෙහිව වාර්තා කර තිබෙන්නේ එක්දින තරග 58ක් පමණයි.

අවසන් වරට දෙපිලම එක්දින තරගාවලියක් සදහා එක්වුණේ 2015 වසරේ ශී‍්‍ර ලංකාවේදී. එම තරගාවලිය 3 ට දෙකක් ලෙස ජය ගන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම 2014 න් පසුව පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව එක්දින කි‍්‍රකට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සමත්ව නැහැ. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන වරට සහභාගි වූ එක්දින තරග 7ම පරාජයට පත්ව තිබීමද කැපී පෙනෙනවා.