Friday, April 26, 2024

General line - 0115112241

25,000කට අධික පිරිසක් අසරණ කළ අමෙරිකාවේ ලැව්ගිනි තවත් දරුණු වෙයි (VIDEO)




අමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රන්තයට බලපෑ දරුණු ලැව්ගිනි තත්ත්වය වඩාත් බරපතළ වී තිබෙනවා.

මේ හේතුවෙන් ජීවිත 31ක් මේ වනවිට අහිමි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කැලිෆෝනියා ප්‍රන්තයේ සුප්‍රසිද්ධ මිදි වතු ආශ්‍රිතව ස්ථාන 22ක් දරුණු ගිනි ගැනීම් ලක්ව තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් විසින් ගින්න නිවාදැමීම සඳහා 8000කට අධික ගිනි නිවන හමුදාවක් යොදවා ඇති බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

මේ වනවිට ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 3,500ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අක්කර 170,000ක භූමි භාගයක්ද ගින්නට හසුවී තිබෙනවා.
 
මේ හේතුවෙන් අවතැන්ව සිටින පිරිස 25,000කට අධික බව සඳහන්.