Friday, April 26, 2024

General line - 0115112241

පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ තීරණයට එරෙහි පෙත්සම 19 විභාගයට




මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට   ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් එම සමාගම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තොම්බර් මස 19 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින ලබාදෙන දුන්නා.

සාධාරණ පරීක්ෂණයකින් තොරව තම සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එම තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම අද (13) දින අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවා.

මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකා  බැංකුවේ අධිපතිවරයා , බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශවයන් කිහිපයක්  වගඋත්තරකරුවන් ලෙසට නම් කොට තිබෙනවා.