Friday, April 26, 2024

General line - 0115112241

දයාසිරි ඉන්නකම්   අතුරු පාලක කමිටු නෑ 




ජාතික පාපැදි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවක දී  පාපැදි සංගමයේ පැවති ප්‍රශ්ණ හා ගැටළු පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර  සමග සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇත්තේ  ඉදිරියේ පැවැත්වීමට නියමිත පාපැදි සංගමයේ නිලවරණය සඳහා  පිළිගත් නිරීක්ෂණ කමිටුවක් යෝජනා කර මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මෙම නිලවරණය සඳහා අමාත්‍යවරයා ලෙස තමන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතර, තමාගේ පාලන කාලය තුල කිසිදු ක්‍රීඩා සංගමයක් සඳහා  අතුරු පාලක කමිටු දැමීමට සුදානම් නැති බවත් එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

නිළවරණ කමිටුව සඳහා පිරිස පහතින්

01.   සභාපති - ඇන්ටන් රාජා ගුණතිලක 
02.   නීතිඥ සතිෂ් වර්ණකුලසූරිය 
03.   කේ.ජී.හේමපාල 
04.   මනෝධර 
05.   ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිත, සුභානි උඩවත්ත