Friday, April 26, 2024

General line - 0115112241

අගමැති පිළිතුරු දිය යුතුයි (VIDEO)




බැඳුම්කර කොමිසම හමුවට පැමිණීමට සූදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ  (15) නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අද  (16) පැවති මාධ්‍ය හමු කිහිපයක දී අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිළ සහන් කළේ බැඳුම්කර කොමිසමේ දී අග්‍රාමාත්‍යවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරනු ඇතැයි  තමා විශ්වාස කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අදාළ සිද්ධියට අගමැතිවරයා සම්බන්ධ බවට තමා මුල සිටම පෙන්වා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් දැන් අවධානය යොමුව ඇති බවත් සියළු කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර අද  (16) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ බැඳුම්කර ගනුදෙනුව පිළිබ ජන මතයක් ගොඩනැගුවේ තමන් ඇතුළු පිරිස විසින් බවයි.