Friday, April 26, 2024

General line - 0115112241

අතිශයින් කණගාටුයි..එකම දෙය නැවත නැවත සිදු වනවා.. - ශ්‍රී ලංකා පුහුණුකරු  වෙනසක් ඉල්ලයි 




ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග  විලාසය පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවශ්‍රී ලංකා පුහුණුකරු  නික් පෝතාස් පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ අබුඩාබිහි දී ඊයේ (18)පැවැති ශ්‍රී ලංකා පාකිස්ථාන  තෙවැනි එක්දින තරගයෙන් අනතුරුවයි.

පිතිකරුවන්ගේ  අසාර්ථකත්වය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොදැක්වූ ඔහු ඉක්මනින් මෙම තත්ත්වයෙන් ගැලවීම සඳහා විසඳුමකට පැමිණිය යුතු බව පෙන්වා දුන්නා.


"සටන්කාමීත්වයක් පෙන්නුම් කළ යුතු වෙනවා. එකම දෙය නැවත නැවත සිදු වන ආකාරය අපි දැක්කා. මෙම තත්ත්වයෙන් මිදීමට කුමක් හෝ කළ යුතුයි.මේ සඳහා අපි සියලු දෙනාම එකඟවිය හැකි විසඳුමක් දිය යුතු වෙනවා. වෙනසක් කළ යුතුව තිබෙනවා." යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළා.