Friday, April 26, 2024

General line - 0115112241

දූෂිත දේශපාලඥයින් රකින්න එපා! ජනපතිගෙන් මාධ්‍යවේදීන්ට උපදෙස්




ජනමාධ්‍යවේදීන් සෑම විටම නිවැරදි දේ තෝරා ගනිමින් සහ සත්‍යයට ගරු කැමින් සිය පෑන මෙහෙයවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති උත්සවයකට එක්වෙමින්. 

දූෂිත දේශපාලඥයින් ආරක්ෂා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න තත්වයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම වෙනුවෙන් අද (19) පැවති උත්සවය අමතමිනි. 

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ මාරාන්තික උපවාසයක නිරත වන රැඳවියන්ගේ මව්පියන් අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. උතුරුපළාත් සභා මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම්ගේ යෝජනාවක් මතයි ජනාධිපතිවරයා විසින් අදාළ සාකච්ඡුාව ලබා දී තිබුණේ.