Friday, April 26, 2024

General line - 0115112241

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ගෙන්වන්න සූදානම්




වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට තීරණය කර තිබෙනවා.

ඒ සහා අන්තර්ජාතික ටෙන්ඩර් කැවීමටයි කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

 

ඉන්දියාව, පාකිස්ථානය, මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංග්ලාදේශය යන රටවලින් මෙම සහල් ආනයනය කිරීමට අපේක්ෂිතයි.

 

මෙම ක්‍රියාවලිය සහා මුදල් හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර තිබෙනවා.

 

තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් 30 වැනිදා සහ ඉතිරි කොටස දෙසැම්බර් 30 වැනිදා ගෙන්වීමටයි සැලසුම් කර ඇත්තේ.