Friday, April 26, 2024

General line - 0115112241

රොබෝ ට්‍රැෆික් රාළහාමිලා අධිවේගී මගේ රාජකාරි අරඹයි




මාර්ග නීති කඩකරන රියදුරන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මාර්ගයේ රොබෝවරුන් යෙදවීමට චීනයේ බෙයිජිං රථවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස බීජිං ගුවන්තොටුපල අධිවේගී මාර්ගයේ මේ රොබෝවරු යොදවා තිබෙනවා.

රොබෝවක් සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියට අනුව පැය පහක් හා පැය අටක කාලයක් ක්‍රියාත්මක වනවා. එම මාර්ගයේ නීති කඩ කරන රියදුරන් පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැගෙන පොලීසිය වෙත ලබා දීම මෙම රොබෝවරුන් විසින් කරනු ලබනවා.

රිය අනතුරක් නිසා මාර්ග තදබදයක් ඇතිවන අවස්ථාවකදී වුවද එම ස්ථනයට ගොස් සියල්ල විමසා බලා තීරණ ගැනීමේ හැකියාවෙන්ද මේ රොබෝවරුන්ට හැකියාව ඇත.