Friday, April 26, 2024

General line - 0115112241

ගීතාට ළඟ ළඟ තවත් කම්පනයක්




ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහිමි වීමත් සමග විවිධ පාර්ශ්ව  විවිධ අදහස් පල කරනවා.

ඒ අනුව ඇය ක්‍රියාකාරි දේශපාලනයෙන් ඈත්වන බවට තොරතුරු පැතිර යමින් තිබෙනවා.

කෙසේ වෙතත් ගීතා කුමාරසිංහට තවත් කම්පනයක් අත ළඟ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප්  හා දීමනා  සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව වසර  දෙකකට  අධික කාලයක්  තිස්සේ  ගීතා කුමාරසිංහ ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට  අමතරව ගෙවල් කුලී  දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන්  රුපියල්  මිලියන ගණනාවක්  නැවත ආණ්ඩුවට ගෙවීමට ඇයට  සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ගීතා කුමාරසිංහගෙන් එම මුදල් අයකර  ගැනීම සඳහා  නිතිපතිවරයා  මාර්ගයෙන්  කටයුතු  සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින්  අභියාචනාධිකරණය ලබාදුන්  තින්දුවේ  සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයකට නුසුදුසු බවට අධිකරණය විසින් තීන්දු කෙරුණු ගීතා කුමාරසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණයහොත් සභා ගර්භයට ඇතුළු වීමට ඇයට අවසර ලබා නොදෙන්නැයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා එහි ආරක්ෂක අංශ වෙත නියෝග නිකුත් කරනු ලැබුවා.

ඇය පාර්ලිමේන්තුවට පැමිණියහොත් කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි වේත‍්‍රධාරීවරයා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් නියෝග කළේ.