Friday, April 26, 2024

General line - 0115112241

භූමිකම්පාවෙන් විපතට ලක්වූවන්ට නවාතැන් අවශ්‍යයි (VIDEO)(UPDATE)




ඉරාන සහ ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරට බලධාරින් සඳහන් කළා.

භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,953 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පවසන බලධාරීන් අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසුවා.

භූමිකම්පාව හේතුවෙන් විපතට පත්වූ 70,000කට අධික පිරිසකට හදිසි වාසස්ථාන අවශ්‍ය වී ඇති බවයි ඉරාන රතු අඩ සඳ ව්‍යාපාරය කියා සිටියේ.

-----------------------

1000කට තුවාල කළ ඉරාන භූ කම්පනය (13-11-2017 13:27)

ඉරානය සහ ඉරාකය අතර දේශසීමා ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට නොබෝ වේලාවකට පෙර නිකුත් වූ විදෙස් තොරතුරුවල දැක්වෙන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 1000කට අධික බවයි.

ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් 164ක් ඉරාන ජාතිකයින්.

මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපාංක ඒකක 7යි දශම 3ක්.

-----------------------

ඉරානය භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට (13-11-2017 08:27)

ඉරානය හා ඉරාක දේශසීමාවේ ඇති වූ භූ කම්පනයෙන් ජීවිතක්සයට පත්වූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 129 ක් ජීවිතක්ෂයට පත්ව ඇත බවයි බීබීසී ලෝක සේවය කියා සිටියේ.

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

------------------

රික්ටර් පරිමාන 7.3 ක ප්‍රබල භූකම්පනයක් (13-11-2017 06:36)

ඉරානය සහ ඉරාක දේශසීමා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

දකුණු දිග ඉරාකයේ සුලෙමාන් නගරයට ආසන්නයේ ඇති වූ මෙම කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් පරිමාන 7යි දශම 3ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

භූ කම්පනයෙන් පුද්ගලයින් 61 දෙනකු ජීවිත්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු සංඛ්‍යාව 300ක්.

මෙම කම්පනය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති අතර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවට විදෙස් වාර්තා පවසනවා.

දකුණු දිග ඉරාකයේ සුලෙමානියා නගරයට ආසන්නයේ මෙම කම්පාව හටගෙන තිබෙනවා.

ඊශ්‍රාලය, තුරුක්කි රාජ්‍යය හා මැදපෙර දිග කලාපයේ රටවලට ද කම්පනය දැනි ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.15 ට පමණ භූ කම්පනය වාර්තා වූ අතර සම්පූර්ණ ගම්මාන 7ක් මෙහිදී විනාශයට පත්ව තිබෙනවා.

විවිධ සහන කණ්ඩායම් දැනටමත් පීඩාවට පත්ව ඇති ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත ව ඇති අතර සහන කණ්ඩායම් දැඩි දුෂ්කරතාවයට මුහුණ දී ඇති බව සඳහන්.

කම්පනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර හානිය පිළිබඳව ද මෙතෙක් නිවැරදි තොරතුරු අනාවරණය වී නැහැ.

ඉරාන සහ ඉරාක දේශසීමාව යනු නිරන්තරයෙන් මෙලෙස භූ කම්පන ඇති බව කලාපයක් වන අතර පසුගිය වසර කිහිපය පුරා එහි මේ ආකාරයේ භූ කම්පන වාර්තා වුණා.

2003 වසරේ දී මෙම ප්‍රදේශයට හටගත් රික්ටර් පරිමාන 6.6 ක භූ ක්මපනය හේතුවෙන් පුද්ගලයන් 25000 ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර ජපානයේ ද ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

ඉරාකය සහ ඉරාන දේශ සීමාවේ හට ගත් භූ කම්පනය සිදුවී පැය කිහිපයක් ඇතුළත් ජපානයේ ද රික්ටර් පරිමාන 6.1 ක භූ ක්මපනයක් ඇති වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම කම්පනයෙන් ඇති වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.