Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලාපොරොත්තු සුන්වෙයි

කසුන් කැලුම්




මෙවර ආසියානු යොවුන් කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳව ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව තැබූ බලාපොරොත්තු ඊයේ (14) බිඳ වැටුණා. ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එම අවස්ථාව අහිමි වුණේ ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමග පැවති තරගය විශිෂ්ට ලෙස ජය ගැනිමත් සමගයි.

‘‘බී‘‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය තරග දෙක බැගින් ජයග‍්‍රහණය කර ප‍්‍රසාද ලකුණු හතර බැගින් ලබා ගත්තා. එම ඛාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුස්සන් තේරුණේ ප‍්‍රසාද ලකුණු සටහනේ දළ ලකුණු වේගයන්ට අනුවයි. ඒ අනුව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

‘‘ඒ‘‘ ඛාණ්ඩය යටතේ ඊයේ පැවති තරගයේදී ඉන්දියාව බංග්ලාදේශය හමුවේ පරාජය වීමත් සමග ඉන්දියාවට ද මෙවර ආසියානු යොවුන් කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ‘‘ඒ‘‘ ඛාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය සහ නේපාලයයි. මෙවර තරගාවලියේදී නේපාලය වත්මන් ආසියානු යොවුන් ශූරයන් වන ඉන්දියාව පරාජයට පත් කිරිමද විශේෂත්වයක්.