Friday, April 26, 2024

General line - 0115112241

සිම්බාබ්වේ බල අරගලය කුමන්ත්‍රණයක්




සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ නිවාස අඩස්සියේ රඳවමින් හමුදාවන් එරට බලය අත්පත් කරගැනීම කුමන්ත‍්‍රණයක් ලෙස පෙනී යන බව අප‍්‍රිකානු සංගමය පවසනවා. නීතියේ ආධිපත්‍යය වහාම නැවත තහවුරු කරන්නැයි සිම්බාබ්වෙන් ඉල්ලා සිටින බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

කෙසේවෙතත් තමන් පාලන බලය අත්පත් කරගත්ත් කුමන්ත‍්‍රණයකින් නොවන බව සිම්බාබ්වේ හමුදාවන් ඊයේ කියාසිටියා. ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව ද සිම්බාබ්වේ හමුදාවන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ජනාධිපති රොබට් මුගාබේ මේ වනවිට 93 වැනි වියේ පසුවනවා. 1980 වසරේදී බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ අවස්ථාවේ සිට මේ දක්වාම සිම්බාබ්වේහි පාලන බලය ඔහු විසින් හොබවනු ලැබුවා.