Friday, April 26, 2024

General line - 0115112241

දකුණු මුහුදේදී 44 දෙනෙකු සමග අතුරුදන් වූ සබ්මැරීනය සොයන්න නාසා ආයතනයෙන් විශේෂ මෙහෙයුමක් (VIDEO)

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ආජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් එහි සිටි 44 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සබ්මැරීනය සොයා මේ වනවිට පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මීට දින කීපයකට පෙර, එනම් පසුගිය බදාදා දිනයේ හිටිහැටියේ සබ්මැරීනයෙන් රේඩියෝ සංඥා එවීම ඇණහිටිය ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙලෙස රේඩියෝ සංඥා එවීම ඇණහිටින අවස්ථාවේදී සබ්මැරීනය අත්ලාන්තික් සාගරයේ දකුණු දෙස මුහුදේ යාත්‍රා කරමින් තිබූ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාසි කළ ඉල්ලීමකට අනුව, සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට ජාත්‍යන්තර සහායද හිමිවී ඇති අතර අමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ නවීනතම ආවේක්ෂණ උපාංගවලින් සමන්විත ගුවන් යානාවක්ද මෙම මෙහෙයුමට එක්කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල සඳහන්.

අතුරුදන් වූයේ ඩීසල් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් වන අතර එය දකුණු අමෙරිකාවට අයත් උෂුයියා නමැති කුඩා දූපත් වරායේ මෙහෙයුමකින් පසු නැවත පැමිණෙමින් සිටි බව ආජන්ටිනා නාවික හමුදාව පවසන්නේ.