Tuesday, April 23, 2024

General line - 0115112241

කන්ටේනර් රථය දුම්රියේ ගැටී ලොරියකට සහ කාර් රථයකටත් හානි කරයි (PHOTOS)

කසුන් කැලුම්




හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී අද (21) අලුයම කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

එම අනතුරේදී තවත් ලොරි රථයක් සහ කාර් රථයක්ද අනතුරට ලක්ව තිබෙනවා.

මේ අතර දෙමටගොඩදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගස කඩා වැටීමෙන් ඒ අසළ හෝටලයක සහ  රෙදිපිළි වෙළඳසැලක සේවය කල පුද්ගලයක් 06 දෙනෙකුට තුවල සිදුව තිබෙනවා.

ඉන් තිදෙනෙකු කොළඔ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (20) රාත්‍රි 09.30 පමණ සිදුව ඇති මෙම අනතුරෙන් පසුව අද පෙරවරුව වන තෙක්ම අදාළ ගස ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණේ නැහැ.

අද උදෑසන දුම්රිය ගමන් සඳහාද ඉන් බලපෑමක් සිදු වුණේ ඒ හේතුවෙන්.

(මුල් පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න)

(එම සිද්ධි දෙකෙහි ඡායාරූප පහතින් දැක්වෙයි)