මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ඉන්දියාවේ මුම්බායිහීදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘පොඩි ලැසී’ නැමැත්තා සමාජ ශාලාවකට ඇතුළු වීමට යාමේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහාරාෂ්ට ප්‍රාන්තයේ කාශිගොන් පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින්.
සැකකරු අදාල සමාජ ශාලාවට ප්රවේශවීම සඳහා ඉදරිපත් කළ විදෙස් ගමන් බලපත්‍රයේ ගැටළුවක් හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පෙරේදා රාත්රියේදීයි.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් විසින් ‘පොඩි ලැසී’ නැමැත්තාගේ මවට ලිඛිත දැනුම්දීමක් කර ඇති බවද වාර්තා වනවා.
කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ‘පොඩි ලැසී’ නැමැත්තා අධිකරණයේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇප මත මුදා හැරුණා.
සැකකරුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ අතර ඇප නියම වීමෙන් පසු ඔහු මෙරටින් පලාගොස් ඇති බව මීට පෙර අනාවරණ වුණා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා.