Friday, April 19, 2024

General line - 0115112241

හමුදාව ඩෝසර් කළ බව කියන LTTE සොහොන් කොටස් එකතු කර උතුරේ මහවිරු ස්මාරකය හැදෙයි (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




යුද හමුදාවෙන් ඩෝසර් කළ බව කියන කොටි (LTTE) මහවිරු සොහොන් කොටස් එකතු කර මෙවර මහවිරු සැමරුමට කිලිනොච්චියේ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා.

2009 වසරේදී යුද්දය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය තුරන් කිරීමේ එක් පියවරක් වශයෙන් උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. මහවිරු සොහොන් ඉවත් කළ බව පැවසෙනවා.

එසේ ඉවත් කරන ලද සොහොන්වල කොටස් එකතු කොට කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙම ස්මාරකය ඉදිකොට තිබෙනවා.

නොවැම්බර් මස 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයේ උතුරු පළාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කරන්නට සැළසුම් කර ඇත්තේ කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙම ස්මාර්කය අසළයි.

එහි එක් සංවිධායකවරයෙකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රීධරන් කටයුතු කරන අතර සොහොන් කොටස් එකතු කර මෙම ස්මාරකය සැදීමට මන්ත්‍රිවරයා ඇතුලු පිරිසක් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.