Friday, April 26, 2024

General line - 0115112241

බෞද්ධයින් පංචශීලයේ පිහිටුවන හින්දු පූජකතුමා (PHOTOS)

චම්ලි ඒකනායක/ නිමල් අල්ගවත්ත




ගාල්ල ඇල්පිටිය ගෝනපාවුලදෙණිය ගම්මානය සිංහල හා දමිළ ජනතාව සාමයෙන් සගිගියන් ජීවත් වන සුන්දර ගමකි.  ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය හිතු මතේ සිසිල් දිය දහරාවලට හරවා ඇත. එවැනි පාරිසර හානීන් නිසා පිරිසිදු ජලය වෙනුවට දුෂිත ජලය භාවිතා  කරන්නට කලක් තිස්සේම ගැමියන්ට සිදුවිය.

ජාතික සාම මණ්ඩලයට අනුයුත්ත ගාල්ල අත්තර් ආගමික පදනම ජනතාවගේ පානිය ජලය ලබාදීමේ  සද් කාර්යයට රුපියල් ලක්ෂයක් ලබා දී, ගම්මානයේ ජනතාවගේ ශ්‍රමය ද එක් කරගෙන ජල ව්‍යාපෘතියක් ඇරඹීය. කැටන් දොළ වතු සමාගමේ වතු අධිකාරි තිලාන් දන්දෙනියගේද සහාය ඇතිව ජල ව්‍යාපෘතිය නිම කළ ගම්වාසීන්,  මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කරන්නට සියලුම ආගමික නායකයන්ට ආරාධනා කළ ද, එසේ ආරාධනා කළ සියලුම ආගමික නායකයන් මේ  අවස්ථාවට සහභාගී නොවීය.

ආගමික නායකයින්ගේ අඩුව සපුරාලමින්, මෙම අවස්ථාවට සහභාගී වූ කැටන්දොළ කොවිලේ භාරකාර ක්‍රිෂ්ණ සර්ව කුරුක්කල් තුමා බෞද්ධ සහ හින්දු ආගමික වතාවත් පවත්වනු දක්නට ලැබිණ. කුරුක්කල් තුමෙකු  බෞද්ධ ජනතාව පංච ශිලයෙහි පිහිටුවීම, එහිදී දක්නට ලැබුණ සුවිශේෂී අවස්ථාවක් විය.