Friday, April 26, 2024

General line - 0115112241

පක්ෂ නායක රැස්වීම තීරණයක් නොමැතිව අවසන් වෙයි

සමන්ත කුමාර




පළාත් පාලන ඡන්ද විමසීම පිළිබව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

කතානායක කාර්යාලයේ පැවති මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නීතිපතිවරයා ද එක්ව සිටි බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සහන් කළේ.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී අද (24) පස්වරුවේ දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මෙහිදී මැතිවරණය කඩිනමින් පවත්වන්නේ කෙසේදැයි පකෂ නායකයින් අතර සාකච්ඡා වී තිබෙනවා.

නීතිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි නීතිමය තත්ත්වයන් පිළිබව මෙහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පවතින බැවින් මෙම නඩුව ඉල්ලා අස් කර ගැනීමට හෝ එම නඩුව හැකි ඉක්මණින් අවසන් කිරීමට හැකි ද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.