Friday, April 26, 2024

General line - 0115112241

"ශ්‍රී ලංකාවට බලපෑම්" අමෙරිකාව කියයි - හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වැඩිවීමක්




ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි අවදානමක් පවතින බව අමෙරිකානු කාලගුණ බලධාරින් පවසනවා.

මෙම තත්ත්වය හමුවේ සුළි කුණාටුවක බලපෑම ඇති විය හැකි බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

ලබන සති අන්තයේ දී මෙම කුණාටුවේ බලපෑම් දැකිය හැකි බව පෙන්වා දෙන බව අමෙරිකානු කාලගුණ බලධාරින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ අධික වර්ෂා පතනයක් අපේක්ෂා කළ හැකි බවයි කියා සිටියේ.

මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වය හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා වූ තද වැසි ඇති විය හැකි බවයි.

ඊට අමතරව ගාල්ල සිට හම්බන්තොට සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.