Friday, March 29, 2024

General line - 0115112241

මැතිව්ස්ගෙන් ශතකයක් (UPDATE)

කසුන් කැලුම්




ඇන්ජලෝ මැතිව්ස් සිය 8 වැනි ටෙස්ට් ශතකය මීට සුළු මොහොතකට පෙර වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 03 වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 104ක්.

දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 71 ක් ලබා සිටිනවා.

-------------------------------

මැතිව්ස් සමග චන්දිමාල් ඉනිම ගොඩ ගන්න ලොකු සටනක (UPDATE)

(04-12-2017 12:16)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන 3වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 3වන දිනයේදී පළමු ඉණිම සඳහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 192ක් ලබා සිටියා.

කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 90ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබා සිටිනවා.

ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම සදහා කඩුලූ 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 536ක්.  

ඒ අනුව, ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලූ 7ක් අතැතිව ඉන්දිය පලමු ඉණිමට වඩා ලකුණු 344ක් පිටුපසින් පසුවනවා. තරගය පැවැත්වෙන්නේ දිල්ලිහිදියි.

--------------------------

ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවන දිනය අද 

(04-12-2017 06:56)

ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (04) 3වන දිනයයි.

ඊයේ (03) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටියා.

ඒ, කඩුලු 07ක් දැවී ඉන්දීය කණ්ඩායම රැස්කර ගත් ලකුණු 536ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තවත් කඩුලූ 07ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටිනවා. 

මේ අතර ඉන්දු - ශී‍්‍ර ලංකා තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ්වසන අපහසුතා ඇති වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් හතර දෙනෙකුට කෘත‍්‍රීම ශ්වසන ආධාර ලබාදීමට සිදු වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ දිල්ලි නුවර සිට නෙත් ස්පෝර්ට්මන් වෙත කියා සිටියේ එහි පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු වමනයද කළ බවයි.