Friday, April 26, 2024

General line - 0115112241

තිසරගේ නායකත්වයෙන් ඉන්දියාවට යන්න හැදූ එක්දින කණ්ඩායම කටුනායකදී නැවත හැරී එයි




ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීමට ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගිය 9 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආපසු හැරී ඒමට සිදුව තිබෙනවා.

ඔවුන් ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඇත්තේ ඊයේ (04) රාත‍්‍රියේයි. එහෙත් තේරිම් කමිටුව විසින් නිර්දේශ කර තිබූ මෙම කණ්ඩායමට ඒ වනවිටත් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබුණේ නැහැ.

ඉන්දිය ගමන අතහැර ඔවුන්ට ආපසු හැරී ඒමට සිදුව ඇත්තේ ද ඒ අනුවයි.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ක‍්‍රීඩකයන් 9 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වුණා. 

ශ‍්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්. එහි පළමුවැන්න ලබන ඉරිදා පැවැත්වෙනවා.