ඉදිරි පළාත්පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළා. ඒ, පොළොන්නරුව දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයේදීයි. එහිදී පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලක කොලොන්නේ විසින් අපේක්ෂකයින් 36 දෙනෙකු සඳහා ඇප මුදල් තැන්පත් කළ බවයි නෙත් නිවුස් පොළොන්නරුව වාර්තාකරු පැවසුවේ.
නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ පළාත්පාලන ආයතන වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය අද ඇප මුදල් තැන්පත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ විසින් මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදීය.