Friday, April 26, 2024

General line - 0115112241

උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස්ගතවීමට අවසර

අධිකරණ වාර්තාකරු




පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (12) සිට ලබන වසරේ ජනවාරි මස 18වනදා දක්වා විදේශගත වීමට කොළඔ මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ තායිවානයේ පැවැත්වෙන ආගමික කටයුත්තකට සහභාගී වීම සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදෙන්නැයි උන්වහන්සේ කළ ඉල්ලීමක් සලකා බලමින්.

නිසි බලපත‍්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ළඟ තබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට නඩු පවරා තිබෙනවා.

උන්වහන්සේට විදෙස්ගමන් තහනමක් පනවා තිබුනේද ඒ අනුවයි. අදාළ නඩුව ජනවාරි මස 23 වනදා නැවත කැඳවීමට නියම කෙරුණා.