Friday, April 26, 2024

General line - 0115112241

දෙහිවල ප්‍රදේශයේ නොසන්සුන්තාවක්




දෙහිවල සහ වැල්ලවත්ත අතර වෙරළ ආශ‍්‍රිත අනවසර ඉදිකිරීම් කිහිපයක් වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් අද (12) ඉවත් කිරීමට ගිය අවස්ථාවේ නොසන්සුන්තාවක් ඇති වුණා.

, එම ඉදිකිරීම්වල හිමිකරුවන් සහ ඒවායේ පවත්වාගෙන යන ව්‍යාපාරයන්හි සේවකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන්.

වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් අද (12) ඉවත් කිරීමට සූදානම් වූයේ තෝරාගත් ඉදිකිරීම් කිහිපයක් පමණක් බවත් එවැනි තෝරා ගැනීමක් සහා පදනම අපැහැදිලි බවත් විරෝධතාකරුවන් කියා සිටියා.

මේ, දෙහිවල දිරිය ශක්ති වෙළ සංගමයේ සභාපති කේ ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු නොහොත් ලැනී.

අදාළ ඉදිකිරීම් ඉවත් කිරීම සහා වෙරළ සංරක්ෂණ නිලධාරීන් පැමිණ සිටියේ අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර ද රැගෙන පොලිස් ආරක්ෂාවද සහිතවයි.

එහෙත් ඇති වූ විරෝධතා හේතුවෙන් ඉදිකිරීම් ඉවත් කිරීම තාවකාලිකව නතර කිරීමට ඔවුන් තීරණය කළා.