Friday, April 26, 2024

General line - 0115112241

අළුබඳුනේ තුන්වන තරගය අද

කසුන් කැලුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ 03 වන තරගය පර්ත් නුවරදී අද (14) ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පළමු ඉණිම සඳහා කඩුලූ 04ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා.

මාර්ක් ස්ටෝන්මන් ලකුණු 56ක් රැස් කළා. නායක ජෝ රූට් රැස් කළේ ලකුණු 20ක් පමණයි.

තරග 05කින් සමන්විත අළුබඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ 2ට බින්දුවක් ලෙස ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.