Friday, April 26, 2024

General line - 0115112241

දළ පූට්ටුවා ඝාතනයට සැක ඉන්ජිනේරුවෙක් සහ විහාරාධිපති හිමියකුටත් වැඩ වරදින ලකුණු




ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන විධායක ඉංජිනේරුවරයෙකු සහ විහාරාධිපති හිමි නමක් අත් අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසිය මූලික විමර්ශණ අරඹා තිබෙනවා. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පළමු සහ දෙවන සැකකරුවන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝව සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදි ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබෙනවා.

හස්තියා වෙඩි තබා ඝතනය කිරීම සහ එම හස්තියාගේ ඇත් දළ යුගල සහ ගජමුතු අලෙවි කිරීමට තැත් කිරීම ඇතුලූ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට සැකකරුවන් නව දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර සිටිනවා. ග‍්‍රාම නිලධාරින් තිදෙනකුද ඒ අතර වනවා.

දළ පූට්ටුවා හස්තියා ඝාතන  සිද්ධියට අදාල සියලූ විමර්ශණ වාහාම ක‍්‍රියාත්මක වන පරිදි රහස් පොලිසියට පැවරුනේ මහව අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි ලබා දුන් නියෝගයකට අනුවය. දළ පූටිටුවා ඝාතන සිද්ධියේ සියලූ විමර්ශණ රහස් පොලිසියට පැවරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මීට පෙර නියෝග කර තිබුණා.

මෙම නඩුව මහව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 12 වනදා කැදවූ  අවස්ථාවේ සිට එය කැඳවන ඉදිරි සෑම නඩු දිනයකම පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්  අධිකරණය හමුවේ පෙනී සිටීනවා.