Friday, April 26, 2024

General line - 0115112241

අගමැති උපකුලපතිවරුන්ට උපදෙස් දෙයි




විශ්ව විද්‍යාලවල ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ප‍්‍රමුඛත්වය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට අද උපදෙස් ලබාදුන්නා. ඒ, අරලියගහ මන්දිරයේදී පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි. ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාලවලට මීට ඉහතදී ජාත්‍යන්තරයේ හිමිව තිබූ ගෞරවනීය ස්ථානය දැන් පහත වැටී ඇතැයිද එය නැවත ඉහළට ගෙනඒම උපකුලපතිවරුන්ගේ වගකීමක් බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

නවකවදය  තුරන් කිරීම සදහාද ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාදිය යුතු බවයි අවධාරණය කෙරුණේ. අවශ්‍ය නම් ඒ සදහා අලූතින් සේවකයන් හෝ බදවා ගන්නා ලෙසද අග‍්‍රාමාත්‍යවරයා උපකුලපතිවරුන්ට උපදෙස් ලබාදුන්නා. විශ්ව විද්‍යාල සිසුන් පංති වර්ජනය නොව අධ්‍යාපනයට පොළඹවාලිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ. 

පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ ක්‍ෂේත‍්‍ර පුළුල් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. විදේශ විශ්ව විද්‍යාල සමග සබදතා ශක්තිමත් කර ගනිමින් හවුල් පාඨමාලා ආරම්භ කිරීමටද කටයුතු කළයුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.  ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය හරහා ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල විදේශයන්හි ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.