Friday, April 26, 2024

General line - 0115112241

දුම්රියේ වැටුප් වැඩි කළොත් සෞඛ්‍ය වර්ජනයක්!




දුම්රිය සේවකයින්ගේ වැටුප් සම්බන්ධ ඉල්ලීම් ලබාදුනහොත් හෙද, පරිපූරක ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඉකුත්දා වර්ජනයක් ක‍්‍රියාත්මක කළ දුම්රිය වෘත්තීය සමිති එය අවසන් කළේ කැබිනට් අනුකාරක සභාව සමග පැවති සාකච්ඡාවේ දී සිය වැටුප්තල හා පරිපාලන ගැටළු විසඳීමට ලිඛිත විසඳුමක් ලැබීමෙන් අනතුරුවයි. මෙම තීරණය හේතුවෙන් හෙද සහ පරිපූරක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍ර කිහිපයක සේවකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය කියා සිටියේ.  

දුම්රිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත‍්‍ර සංවෘත්ත සේවාවක් බවට පත්කිරීමට පෙර දුම්රිය සේවාවට සාපේක්ෂව සෞඛ්‍ය සේවාවේ ඇති වූ වැටුප් විෂමතාව නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.