Friday, April 26, 2024

General line - 0115112241

ස්ටීව් ස්මිත් පන්දු 300කදී ද්විත්ව ශතකයක් ලබයි (UPDATE)

සමන්ත කුමාර




අළු බඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ දැන් පැවැත්වෙන 3වන තරගයේදී එංගලන්තයට එරහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සමත් වුණා.

පන්දු 300කදී වාර්තා කළ ස්මිත්ගේ ද්විත්ව ශතකයට හතරේ පහර 26ක් සහ එක් හයේ පහරක් ඇතුළත්. මෙය ඔහුගේ 2වන ටෙස්ට් ශතකය වන අතර, නායකත්වයට පත් විමෙන් පසු රැස් කළ පළමු ටෙස්ට් ශතකය ද වනවා.

----------------------------------------------

ස්ටීව් ස්මිත්ගෙන් ශතකයක්

16-12-2017 13:46

එංගලන්තය සමග පැවැත්වෙන අළු බඳුන කුසලාන 3වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීව් ස්මිත් සමත් වුණා. තරගයේ 3වන දිනය වන අද ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තම පළමු ඉණිම ක‍්‍රීඩා කරනවා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමේදී ලකුණු 403 රැස් කළා. නායක ස්ටිව් ස්මිත් ලකුණු 178යි. ඔහුගේ ඉණිමට 4 පහර 25ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. තරගය පැවැත්වෙන්නේ පර්ත්හිදියි.