Friday, April 26, 2024

General line - 0115112241

කෝලි සහ අතගත් 'සුරූපී අනුෂ්කාගේ' මංගල දින රහස් (PHOTOS)




13 වන ශතවර්ෂයට අයත් ඉතාලියේ ටස්‌කන් විලේ නැමති නිවාඩු නිකේතනයේදී විවාහ ජීවිතය ඇරඹි සුප්‍රසිද්ධ ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩක විරාට්‌ කෝලි සහ බොලිවුඩ් රංගන ශිල්පිණී අනුෂ්කා ශර්මා පිළිබඳව තොරතුරු රැසක් ඇඳුම් නිර්මාණ කළ   ශිල්පියා විසින් හෙළිකර තිබෙනවා.

 
අනුෂ්කාගේ ප්‍රියතම වර්ණය දීප්තිමත් රෝස පැහැය වන නිසා  මංගල දිනයේදී ඇය සැරසී ඇත්තේ  රන්දිර් නූල් වලින් කළ රෝස පැහැ ලෙහෙන්ගා දිගු සායක්‌ ඇති  ඇඳුමකිනුයි.

කල්කටාවේ සුප්‍රසිද්ධම පින්තාරුකරුවන් මෙය නිර්මාණය කළ බවයි ඔහු  සඳහන් කර ඇත්තේ.

අනුෂ්කාගේ  ඇඳුම්වල දීප්තිමත් භාවය සඳහා යොදාගෙන ඇත්තේ  ජපානයේ කෘත්‍රිමව රෝපණය කරන ලද මුතු මෙන්ම ඉරාන නිල් මැණික්‌   සහිත කැරට්‌ විසි දෙකක ජුම්කාස්‌ නැමති කුණ්‌ඩලාභරණයි.
 
ජුටිස්‌ නැමති ඇගේ පාවහන් යුවළ නිමකර ඇත්තේ අතින් බවයි  නිර්මාණ ශිල්පියා විසින් හෙළිකර ඇත්තේ.
 
ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩක විරාට්‌ කෝලි ඇත්දළ පැහැති සේද ඇඳුම්වලින්  සැරසී සිටිය අතර  සමින් නිම කරන ලද  දුඹුරු පැහැති ජුටිස්‌ නැමති පාවහන් යුවළ කින් සැරසී සිටියා.