Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රය එළියට ආපු මන්ත්‍රි හෙළි කරයි




ඒකාබද්ධ විපක්‍ෂය මෙරට කිසිඳු ජාතික සටනක් අතට ගෙන කි‍්‍රයා නොකළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පිරිස් වෙනම න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බවයි ඊයේ (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියාසිටියේ.

ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පසුගිය දා එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කළා.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම සඳහා මුදල් ලබාගත් පිරිස් හදුනාගත හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න..)