Friday, April 26, 2024

General line - 0115112241

සයිටම් සම්බන්ධයෙන් රජයේ තීරණය කුමක්ද? දෙමාපියන් අපේක්ෂාවෙන්

ළහිරු කපුගේ




සයිටම් ආයතනය වසාදැමීම පිළිබඳ රජයේ තීන්දුව ඉදිරි පැය කිහිපයේ හෝ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි තමන් අපේක්ෂාවෙන් පසුවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය පවසනවා. 
ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 
එහිදී අදහස් දැක්වූ එම සංගමයේ විධායක සභික අශෝක රන්වල කියාසිටියේ ජනවාරී මස මුල් සතියේ දී තම සංගමය දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි. 
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අද (31) දිනයෙන් පසු අවසන් කිරීමට පියවර ගන්නා බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. 
කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (31) ප‍්‍රකාශ කළේ සති 05ක සායනික පුහුණුව ඇති සයිටම් සිසුන් වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වී ඇති බවයි.