Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මහබැංකුවෙන් තවත් මාස 6ට දුන්නු තීන්දුව




පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

අද (05) සිට එය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියේ.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව එල්ල වූ චෝදනා හේතුවෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන කටයුතු මහබැංකුව මීට පෙර ද තහනම් කළා.

එම කාලසීමාව අදින් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, සිදුකරන විමර්ශන කටයුතු හේතුවෙන් එම තහනම තවත් මාස 6කට දීර්ඝ කිරීමටයි ඊයේ (04) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.