Friday, April 26, 2024

General line - 0115112241

බසීර් අලි මොහොමඩ් ඝාතනය කිරීමට තැත් කළ අය නිදොස් කොට නිදහස්

අධිකරණ වාර්තාකරු




පාකිස්ථානයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වූ විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

මෙලෙස එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණේ බාල ක්‍රිෂ්ණන් බාලසුන්දරම් නැමැත්තෙක්.

කොල්ලූපිටිය ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හිටපු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි විත්තිකරුට චෝදනා එල්ල වී තිබුණේ.

2006 වසරේ අගෝස්තු මස 14 වනදා එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.