Friday, April 26, 2024

General line - 0115112241

ධනාත්මක ප්‍රතිචාර හිමිනම් තැපැල වැඩ

සමන්ත කුමාර




සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 8 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කැඳවීමක් ලැබී ඇති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

මෙහිදී තමන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කරිමට නියමිත බවයි එම පෙරමුණ කියා සිටියේ.

එහි සමකඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මෙම සාකච්ඡාවේදී ධනාත්මක ප්‍රතිචාරයක් හිමිවුවහොත් ලබන 10 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය අත්හිටුවීමට හැකිවනු ඇති බවයි.