Friday, April 26, 2024

General line - 0115112241

නිවසේ ඇති වූ බහින් බස් වීමක් මිනිස් ඝාතනයට හේතුවූ හැටි

අයිරංගි එදිරිසිංහ / බුද්ධික කුමාරසිරි




නිවසේ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අලවංගුවකින් පහර දී සිය මස්නා ඝාතනය කිරිමේ සිද්ධියක් කඩුවෙල - නවගමුව කොරතොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොරතොට හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අවිවාහකයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි නවගමුව පොලිසිය පැවසුවේ.

අදාළ ඝාතනය ඊයේ (08) දින සිදුවූ අතර පෙරේදා (07) සවස සැකකරු සහ මියගිය අයගේ සොහොයුරිය දියනෑමට ගොස් ඇති අතර එහි දී ඇති වූ ආරවුලක් පිළිබඳව ඇති වූ කතා බහක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.