Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා ඉඩ දුන්නා නම් විශාල මගඩියක් වළක්වා ගන්න තිබුණා - ජානිපෙ කියයි




හිටපු අමාත්‍ය ඞීව් ගුණසේකර සභාපතිත්වය දැරූ කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නම් මෙවැනි මහා පරිමාණ බැඳුම්කර වංචාවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ජනාධිපතිවරයා ඉඩ ලබා දුන්නේ නම් විශාල මගඩියක් වළක්වා ගැනීමට හැකියාව පැවති බවයි ඔහු කියා සිටියේ.

එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැතිවරයා බෙරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.