Friday, April 26, 2024

General line - 0115112241

හැඳුනුම්පත් තිස්පන් දහසක දෝෂ හඳුනා ගැනේ




එකම හැඳුනුම්පත් අංකය දැකිය හැකි ඡන්ද දායකයින් රැසක් මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ එය නිවැරදි කර ගන්නැයි අදාළ පාර්ශ්ව වෙත දැනටමත් දැනුම් දී ඇති බවයි. 

එලෙස එකම හැඳුනුම්පත් අංකය දෙදෙනෙකුට ලැබෙන්නේ කෙසේදැයි මෙහිදී පැහැදිලි කෙරුණා. 

එහිදී ඔහු සඳහන් කළේ අත්අකුරින් ලියන කාලයේදී මෙම වැරදීම් සිදුව ඇති බවයි. එවැනි හැඳුනුම්පත් යුගල් තිස්පන්දහසක් හඳුනාගත් බවත් සඳහන් කළා. මෙහි පුද්ගලයන් එකිනෙකට වෙනස් බවත් පෙන්වා දුන්නා. මොහුන්ගේ එකම සම්බන්ධය එකම දවසේ උපන් දිනය යෙදී තිබීම පමණක් බවද පැවසුවා.

එමෙන්ම ද්විත්ව ලියාපදිංචිය සහිත 6000ක් පමණ අනාවරණය කර ගැනීමට ද මෙවර හැකිවූ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වැඩිදුරටත් කියා සිටියේ. 

ද්විත්ව ලියාපදිංචිය වෙනස් කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.