Friday, April 26, 2024

General line - 0115112241

මාන්කුලමේ මාරක රිය අනතුරක් (PHOTOS)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




කිලිනොච්චිය, මාන්කුලම ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.

මාන්කුලම පොලිසිය පැවසූවේ කොළඹ සිට යාපනය බලා ධාවනය වු වෑන් රථයක් නවතා තිබු භාණ්ඩ පැටවු ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාන්කුලම 237 කිලෝමීටර කණුව හා 238 කිලෝමීටර කණුව අතර ප්‍රදේශයේ අනතුර සිදුව තිබෙනවා.

පොලිසිය පැවසූවේ අනතුරින් ජිවිතක්ෂයට පත්වූවන්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවට මේ වන විට අනාවරණව වී තිබෙනවා.

>