Friday, April 26, 2024

General line - 0115112241

පාරේ ගිය බැකෝ යන්ත්‍රය දරුවා යට කරයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මාර්ග‍යේ ගමන්ගත් බැකෝ යන්ත්‍රයක් පාසල් දරුවෙකුගේ ඇඟ මතට පෙරළී ගොස් තිබෙනවා. 

ඊයේ (09) සවස සිදු වූ මෙම අනතුරෙන් 14 හැවිරිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මුලංකාවිල් පොලිසිය පැවසුවේ. කිලිනොච්චිය, මුලංකාවිල් ක්‍රිෂ්ණා කෝවිල අසළදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මුලංකාවිල් පොලිසිය පැවසූවේ දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ බැකෝ රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගය අයිනේ ගමන්කළ දරුවාගේ සිරුර මතට පෙරළී ඇති බවයි.

පොලිසිය පැවසූවේ අනතුරින් 40 හැවිරිදි බැකෝ යන්ත්‍රයේ රියදුරුද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.