Friday, April 26, 2024

General line - 0115112241

යහපාලනයට ද සීමා පවතින බවට ප්‍රකාශයක්

ජූඩ් සමන්ත - හලාවත




යහපාලනයට ද සීමා පවතින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකින් අනතුරුවයි.

ඉදිරි මැතිවරණයෙන් පළාත් පාලන ආයතන බහුතරයක බලය එක්සත් ජාතික පක්ෂය හිමිකර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.